Friday, August 1, 2014
06.)ලවු සහ මලඉලවු part 2
යෞවනෙ පොපියනා හංකිතිය...
අත වනයි ආදරේ දෙව්දුවට..
දුටු නමුත් ඇවිලෙනා ගිනිමැලය..
කදෝ පැනි හිත දුවයි ඇදන් මුලු සියොලඟම......
නලවන්න ගතසිත..........
බලයි සිත් හැම විට.....
ලං වෙන්න සිත වෙත....
කොටයි පණිවුඩ පට.. පට.....
රාගයෙන් මත් වෙලා..සිටිනවිට අයියලා....
ගලවාවි දත් දෙතිස වැඩ දන්න අක්කලා..
මූණු පොත පුරවලා..... ආදරේ ඉතිරිලා....
අඬ ගසයි අනන්තෙට යට ඇදුම් ගලවලා....
මොල ගෙඩිය යටකොට ආදරය මතුකොට.....
පුදයි තම සියොලඟම ආදරයෙ දෙව්දුවට.....
පිස්සු නැත්තම් මට...ලියයිද මෙහෙම හුටපට...
තොපෙ මොල ගෙඩිවලට දැනෙන්නට...
බූට් කෑ අයියලා කෝපයෙන් මත්වෙලා....
මරයි තම පෙම්වතිය පිහියකින් අමුනලා....
ඒ නමුත් අක්කලා 2 වෙයිද පහුවෙලා....
ආදරේ නාමයෙන් සාරියේ එල්ලිලා......
Subscribe to:
Post Comments (Atom)

මල්ලියා ලියයි මල ඉලව්
ReplyDeleteඅක්කලා බෝම ලව්
උනෝතින් බොලව්
සාරියෙන් හිලව්
මල්ලියා ලව්කරන්න උගන්නන ක්ලාස් එකක් දාන්න වගේ.
හොඳයි හොඳයි සුබ අනාගතයක්
උඹ තමා ඔය සාරියක් ඔලුවට දාලා මේක කොරේ.
Deleteමේ කේ ඉන්නේ පුදුම පිස්සු පුසොනේ බං
Deleteඅහන්නේ රොක් සිංදු
ලියන්නේ නිසදැස් කවි
හැලපයි කොකාකෝලයි වගේ
ඒකනේ බං නමට යටින් "අමුම අමු පිස්සෙකි" කියලා දාල තියෙන්නේ.:D
Deletewow.... Keep it up...
Deleteකියන්න වචන නෑ මල්ලියා. එළ එකෙත් හොඳම එක. උඹේ කාව්‍යමය හැකියාව දැනගත්තෙ අදනෙ. දිගටම ලියපන් මේ වගේ ඒවා.
ReplyDelete\\රාගයෙන් මත් වෙලා..සිටිනවිට අයියලා....
ගලවාවි දත් දෙතිස වැඩ දන්න අක්කලා..//
නියමයි....
උඹලාගෙ කොමෙන්ට් හින්දා තමා මේ වගේ එවුවා එලියට එන්නෙ.ස්තුතියි මචෝ
Deleteඅපූරුයි..
ReplyDeleteඅකුරු 4 මාර ගැඹුරුයි.තැන්කූ මාතයියෙ. ඌරගෙ මාළු ඌරගෙම පිටේ තියලා කැපුවොත්."කොමෙන්ට් තමා බ්ලොග් කාරයො ජීවත් කරවන්නෙ" හිකිස්....:D
Deleteආලය කොතරම් නපුරුද? කියලා කියන්නෙ මං හිතන්නෙ ලවු එක නිසා පිහිපාර කාපු කාරුහරි වෙන්න ඇති.
ReplyDeleteඋඹ කියන්නෙ අර අමරෙ අයියාගෙ සින්දුව ගැන නම් ඌ කියන්නෙ "කාලය " බං "ආලය" නෙමේ.එක එක පිහි ජාතිවලින් අනිනවානෙ බං වචන වලින් ඇන්නම තමා අසාධ්‍ය වෙන්නෙ ආවට ස්තුතියි අමිල මචෝ
Deleteනියමා........................යි :D
ReplyDeleteබොහොම ස්තුතියි දිලිනි ^_^
Deleteපට්ටයි. සුපිරියි.
ReplyDeleteමං බැලුවා මොකෝ ඒත් උඹ් පරක්කු කියලා.ඇයි ඉතින් වෙනදට උඩින්ම කොමෙන්ටුව දාන්නෙ උඹනෙ.තැන්කූ මචෝ
Delete//ගලවාවි දත් දෙතිස// උඹ දැක්කද ඉන්දියාවෙ එකෙක්ගෙ දත් 232ක් ගලවපු සිද්දිය. හැබැයි මෙහෙම ගැලවිල්ලක් නෙමේ. ඇත්තට ගලවපු එකක්.
ReplyDeleteදැක්කෙ නෑ මචෝ තාම.බලන්න ඕනි කොහෙද මෙච්චර දත් තිබ්බෙ කියලා
Deleteසුපිරියි මල්ලී.කියන්න දෙයක් නැහැ............
ReplyDeleteඔය කියල තියෙන්නේ මොනවද එතකොට
Deleteවිදානයා කියලනෙ යකූ මං කියන්න ඕනි එක.දැන් ඉතින් මොනව කියන්නද තැන්කූ කියනවා මිසක් :D
Deleteසිරා මල්ලියා.....
ReplyDeleteඅමාරුවෙං හොයං ආවේ...
දිගටම ලියමු ලෙසටම....
ජ ය වේ වා !!!!
තැන්කූ විදානෙ අයියා.ඈ බං ඇත්තට මාව හොයාගන්න ඔච්චරටම අමාරුද?
Deleteඅඩේ ගති බං..
ReplyDeleteතැන්කූ වේවා බං
Deleteසකුන්තලා.............
ReplyDeleteරන් මුදුව ගං දියේ කිඳුණා මතකය වළලා
මම ඔබ හඳුණා ගත්තේ ඒ සුන්බුන් අළලා
සකුන්තලා... සකුන්තලා... සකුන්තලා... සකුන්තලා...
සාපය මිනිසුන්ගේ හී පහර ලෙස වැදී
මා පසුපස එද්දී සුළි සුළං ලෙස ඇදී...
දේදුනු පවුරින් ඈතට නොයාමෙන් රිදී
ආදර ගඟ ගලනු දුටිමි සිනිඳු රැළි දිදී...
සකුන්තලා... සකුන්තලා... සකුන්තලා.... සකුන්තලා...
ඇස් ඇති නම් ලොව ඇති පුදසුන් පෙනේ නිතී
දුශ්මන්තට කිසිදා ඔබ අමතක නොවුණි...
බොහො දුර ගොස් අතරමංව ලොවේ පෙම්වතුන්
අදත් කියති මේ ආදර බස් ම සිය මුවින්...
සකුන්තලා... සකුන්තලා... සකුන්තලා... සකුන්තලා.
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ෂෙල්ටන් ප්‍රේමරත්න
ගායනය : විමල් ජේ. ශ්‍රියාරත්න
ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..
Deleteලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..
කුමාර ලීලෙන් සැන් පවුඩර් ගා ඉලංදාරි හැඩවෙයි
ආදර වන්නම් තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
ඔපේට රැවටී හිතූ මතේ පෙම් කෙරුවෝතින් වරදී
දෙමාපියන් ගේ ආශීර්වාදෙන්
විවා වුණොත් ජයවෙයි...
ආලය කියනා මාලය වැටුනොත් රජුන් ද පිස්සන් වෙයි
අට වැනි එඩ්වඩ් රජකම ඇරියේ ආලය හින්දාමයි
ආලෙන් පැරදුණු අය වස විස බී ජීවිත වනසාලයි
දුරදිග නොබලා කලොත් අපොයි ඔව්
ලව් එක ඉලව් ම වෙයි...
නාහෙට නාහන ඉලංදාරිකම ඔය වයසට ඔහොමයි
ඉලක්කෙ වැරදුණු දවසට ආලෙන් විපත්ති වෙනු බොහොමයි
දරුවන් යුතුකම අම්ම තාත්තා වැඩිහිටි බස් ඇහුමයි
එහෙම නොවේ නම් ඔපේ හපේ වෙයි
අපායට ම වැටෙතෙයි...
ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..
ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සෝමපාල රත්නායක
ගායනය: "ළා තණකොළ පෙත්තාස්"
අඩේ වැටිච්ච පලවෙනි ඇනෝ කොමෙන්ටුව පට්ට නෙ.දිගට ම ඉමු ඇනෝ.මරු බං උබේ සින්දු
Deleteඅඩේ පට්ටයි මල්ලියා.. ආයි සුපිරිම එකෙත් සුපිරි එක..
ReplyDeleteදිගටම ලියපන් මේ වගේ දැනෙන්නම ආ..
තැන්කූ වේවා මචෝ....ලියනවා ලියනවා දිගටම ලියනවා
Deleteවින්දනීයි බන්, වෙන මක්ක කියන්නද මන්දා,
ReplyDeleteමගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
ReplyDelete1 ආදර අක්ෂර වින්‍යාසය
2 නැවත ජය
3 ගර්භාෂයේ ඵල
4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය