Loading...

Friday, August 1, 2014

06.)ලවු සහ මලඉලවු part 2


යෞවනෙ පොපියනා හංකිතිය...
අත වනයි ආදරේ දෙව්දුවට..
දුටු නමුත් ඇවිලෙනා ගිනිමැලය..
කදෝ පැනි හිත දුවයි ඇදන් මුලු සියොලඟම......


නලවන්න ගතසිත..........
බලයි සිත් හැම විට.....
ලං වෙන්න සිත වෙත....
කොටයි පණිවුඩ පට.. පට..... 

රාගයෙන් මත් වෙලා..සිටිනවිට අයියලා....
ගලවාවි දත් දෙතිස වැඩ දන්න අක්කලා..
මූණු පොත පුරවලා..... ආදරේ ඉතිරිලා....
අඬ ගසයි අනන්තෙට යට ඇදුම් ගලවලා....

මොල ගෙඩිය යටකොට ආදරය මතුකොට.....
පුදයි තම සියොලඟම ආදරයෙ දෙව්දුවට.....
පිස්සු නැත්තම් මට...ලියයිද මෙහෙම හුටපට...
තොපෙ මොල ගෙඩිවලට දැනෙන්නට...

බූට් කෑ අයියලා කෝපයෙන් මත්වෙලා....
මරයි තම පෙම්වතිය පිහියකින් අමුනලා....
ඒ නමුත් අක්කලා 2 වෙයිද පහුවෙලා....
ආදරේ නාමයෙන් සාරියේ එල්ලිලා......




30 comments:

  1. මල්ලියා ලියයි මල ඉලව්
    අක්කලා බෝම ලව්
    උනෝතින් බොලව්
    සාරියෙන් හිලව්

    මල්ලියා ලව්කරන්න උගන්නන ක්ලාස් එකක් දාන්න වගේ.
    හොඳයි හොඳයි සුබ අනාගතයක්

    ReplyDelete
    Replies
    1. උඹ තමා ඔය සාරියක් ඔලුවට දාලා මේක කොරේ.

      Delete
    2. මේ කේ ඉන්නේ පුදුම පිස්සු පුසොනේ බං
      අහන්නේ රොක් සිංදු
      ලියන්නේ නිසදැස් කවි
      හැලපයි කොකාකෝලයි වගේ

      Delete
    3. ඒකනේ බං නමට යටින් "අමුම අමු පිස්සෙකි" කියලා දාල තියෙන්නේ.:D

      Delete
  2. කියන්න වචන නෑ මල්ලියා. එළ එකෙත් හොඳම එක. උඹේ කාව්‍යමය හැකියාව දැනගත්තෙ අදනෙ. දිගටම ලියපන් මේ වගේ ඒවා.

    \\රාගයෙන් මත් වෙලා..සිටිනවිට අයියලා....
    ගලවාවි දත් දෙතිස වැඩ දන්න අක්කලා..//

    නියමයි....

    ReplyDelete
    Replies
    1. උඹලාගෙ කොමෙන්ට් හින්දා තමා මේ වගේ එවුවා එලියට එන්නෙ.ස්තුතියි මචෝ

      Delete
  3. Replies
    1. අකුරු 4 මාර ගැඹුරුයි.තැන්කූ මාතයියෙ. ඌරගෙ මාළු ඌරගෙම පිටේ තියලා කැපුවොත්."කොමෙන්ට් තමා බ්ලොග් කාරයො ජීවත් කරවන්නෙ" හිකිස්....:D

      Delete
  4. ආලය කොතරම් නපුරුද? කියලා කියන්නෙ මං හිතන්නෙ ලවු එක නිසා පිහිපාර කාපු කාරුහරි වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නෙ අර අමරෙ අයියාගෙ සින්දුව ගැන නම් ඌ කියන්නෙ "කාලය " බං "ආලය" නෙමේ.එක එක පිහි ජාතිවලින් අනිනවානෙ බං වචන වලින් ඇන්නම තමා අසාධ්‍ය වෙන්නෙ ආවට ස්තුතියි අමිල මචෝ

      Delete
  5. නියමා........................යි :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිලිනි ^_^

      Delete
  6. Replies
    1. මං බැලුවා මොකෝ ඒත් උඹ් පරක්කු කියලා.ඇයි ඉතින් වෙනදට උඩින්ම කොමෙන්ටුව දාන්නෙ උඹනෙ.තැන්කූ මචෝ

      Delete
  7. //ගලවාවි දත් දෙතිස// උඹ දැක්කද ඉන්දියාවෙ එකෙක්ගෙ දත් 232ක් ගලවපු සිද්දිය. හැබැයි මෙහෙම ගැලවිල්ලක් නෙමේ. ඇත්තට ගලවපු එකක්.

    ReplyDelete
    Replies
    1. දැක්කෙ නෑ මචෝ තාම.බලන්න ඕනි කොහෙද මෙච්චර දත් තිබ්බෙ කියලා

      Delete
  8. සුපිරියි මල්ලී.කියන්න දෙයක් නැහැ............

    ReplyDelete
    Replies
    1. ඔය කියල තියෙන්නේ මොනවද එතකොට

      Delete
    2. විදානයා කියලනෙ යකූ මං කියන්න ඕනි එක.දැන් ඉතින් මොනව කියන්නද තැන්කූ කියනවා මිසක් :D

      Delete
  9. සිරා මල්ලියා.....
    අමාරුවෙං හොයං ආවේ...
    දිගටම ලියමු ලෙසටම....

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ විදානෙ අයියා.ඈ බං ඇත්තට මාව හොයාගන්න ඔච්චරටම අමාරුද?

      Delete
  10. සකුන්තලා.............

    රන් මුදුව ගං දියේ කිඳුණා මතකය වළලා
    මම ඔබ හඳුණා ගත්තේ ඒ සුන්බුන් අළලා
    සකුන්තලා... සකුන්තලා... සකුන්තලා... සකුන්තලා...

    සාපය මිනිසුන්ගේ හී පහර ලෙස වැදී
    මා පසුපස එද්දී සුළි සුළං ලෙස ඇදී...
    දේදුනු පවුරින් ඈතට නොයාමෙන් රිදී
    ආදර ගඟ ගලනු දුටිමි සිනිඳු රැළි දිදී...
    සකුන්තලා... සකුන්තලා... සකුන්තලා.... සකුන්තලා...

    ඇස් ඇති නම් ලොව ඇති පුදසුන් පෙනේ නිතී
    දුශ්මන්තට කිසිදා ඔබ අමතක නොවුණි...
    බොහො දුර ගොස් අතරමංව ලොවේ පෙම්වතුන්
    අදත් කියති මේ ආදර බස් ම සිය මුවින්...
    සකුන්තලා... සකුන්තලා... සකුන්තලා... සකුන්තලා.


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : ෂෙල්ටන් ප්‍රේමරත්න
    ගායනය : විමල් ජේ. ශ්‍රියාරත්න

    ReplyDelete
    Replies
    1. ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..
      ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..

      කුමාර ලීලෙන් සැන් පවුඩර් ගා ඉලංදාරි හැඩවෙයි
      ආදර වන්නම් තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
      ඔපේට රැවටී හිතූ මතේ පෙම් කෙරුවෝතින් වරදී
      දෙමාපියන් ගේ ආශීර්වාදෙන්
      විවා වුණොත් ජයවෙයි...

      ආලය කියනා මාලය වැටුනොත් රජුන් ද පිස්සන් වෙයි
      අට වැනි එඩ්වඩ් රජකම ඇරියේ ආලය හින්දාමයි
      ආලෙන් පැරදුණු අය වස විස බී ජීවිත වනසාලයි
      දුරදිග නොබලා කලොත් අපොයි ඔව්
      ලව් එක ඉලව් ම වෙයි...

      නාහෙට නාහන ඉලංදාරිකම ඔය වයසට ඔහොමයි
      ඉලක්කෙ වැරදුණු දවසට ආලෙන් විපත්ති වෙනු බොහොමයි
      දරුවන් යුතුකම අම්ම තාත්තා වැඩිහිටි බස් ඇහුමයි
      එහෙම නොවේ නම් ඔපේ හපේ වෙයි
      අපායට ම වැටෙතෙයි...

      ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..
      ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..


      පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව හා සංගීතය: සෝමපාල රත්නායක
      ගායනය: "ළා තණකොළ පෙත්තාස්"

      Delete
    2. අඩේ වැටිච්ච පලවෙනි ඇනෝ කොමෙන්ටුව පට්ට නෙ.දිගට ම ඉමු ඇනෝ.මරු බං උබේ සින්දු

      Delete
  11. අඩේ පට්ටයි මල්ලියා.. ආයි සුපිරිම එකෙත් සුපිරි එක..
    දිගටම ලියපන් මේ වගේ දැනෙන්නම ආ..

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා මචෝ....ලියනවා ලියනවා දිගටම ලියනවා

      Delete
  12. වින්දනීයි බන්, වෙන මක්ක කියන්නද මන්දා,

    ReplyDelete