කාලයක් තිස්සෙ බොගක් පටන් ගන්නව කියල හිතාගෙන හිටියට.අද තමා ඔන්න වැඩේ කිරියාත්මක කොරේ.ඉස්සෙල්ලම මොන මගුලක් දානවද කියල හිත හිතඉන්න කොට අවා අයිඩියාවක් ඉතින් ලියලා දානව කියල හිතුනා ඕනි කෙහෙල් මලක් කියලා.ඉතින් මක්කයි මේ ඔබ්ජෙක්ට් ඔරිඔන්ටෑසොන් කියන්නෙ?
මේක මෙ කව්ද සුද්දෙක් ඔය කොම්පියුටෙර් පොරොගැරැම් වලට පාවිච්චි කරන්න හදපු මගුලක් නෙව.ඌ කියන විදියට,
ලොකේ තියන හැම මගුලම පන්ති වලින් නෙව හැදිල තියෙ කියන්නෙ ( පංති කිව්වම වරදවා හිතන්න එපා මේ ජෙප්පො කතා කරන පංති නම් නෙමේ )ඌ කියන විදියට නම් කලාසස්. මේ ලොකෙ තියන හැම වස්තුවක්ම මොකක් හරි සාර්ව්ත්ර කුලකයක අවයවයක්.එතකොට ඒ සාර්වත්‍ර කුලකයේ තියෙන එවුව මෙව්වා වලින් ටිකක් හරි ඔක්කොම හරි මේකට තියනවා.උදාහරනයක් හටියට ගමුකො වස්තුවක්.ගොඩක් මිනිස්සු බදින්න කලින් තමන්ගෙ කෑල්ලට වස්තුවේ කියනවනේ.ඉතින් ඔය කියන වස්තුවත් ගෑනු කියන කුලකයේ අවයවයක්.අනික් ගෑනුන්ට තියන එවුව ඔක්කොම හරි ටිකක් හරි ඔය ගෑනිටත් තියේ නෙ.ඉතින් අපේ මේ කොම්පියුටෙර් උන්නන්සෙ බාහිර ලොකේ දේවල් තෙරුම් ගන්නෙත් ඔය විදියට තමා.ඌට ජනදිපති ආර්යවත් එකයි හිගන්නිත් එකයි ඌට දෙන්නම ගෑනු විතරයි.(බලාගෙන යනකොට ගොන් පීටරේ මිනිහට වඩා දියුණුයි තමා ).

මට නිකන් හිතෙනවා ඇයි අපටත් මේ විදියට හිතන්න බැරි කියලා.අපිත් හැමෝම මොකක් හරි බඩුවක්. හැබැයි වෙලද බඩුවක් කිව්වොත් තමා හරි(ඇයි ඉතින් දීපාල් සිල්වා එහෙම"අපිට හොරෙන් අපි විකිණෙන අමුතුරටක් මේක" කියල තියෙන්නෙ කට කහනවටයැ අයිබොවන්ට.).අපෙත් හමෝටම පොදු ගතිගුණ තියනවා ඒවගේම වෙනස් වෙන තැනුත් තියනව හැබැයි පොදුවේ ගත්තම එකම අච්චුවේ වෙනස් වෙන්නේ සිතුවිලි කියන ලක්ෂණය විතරයි.ඒකත් සමාන තැන් නතුවාම නෙමේ.ඒ උනාට අපේ සමාජෙ අපිව මනින්නෙ ජාතිය,ආගම,කුලය වගේ එවුවයින්.ඒව එච්චරටම සාර්ථක ලක්ශන හැටියට මන් නම් දකින්නෙ නෑ.මොකද අන්තිමට අපි ඔක්කොම එකම විදිහෙ නිසා.ඉපදෙන්නෙ එකම විදියට එකම තැනින් නම් මැරෙන්නෙ එකම විදියට නම්.මොකක්ද තියන වෙනස. වෙනස් වෙන්නෙ ක්‍රියාවෙන් හා කතාවෙන් කියල ඔය දැන් අගමැති තුමත් ටීවී 1කේ ඇඩ් 1ක් හිටන් දාන්නෙ.
අන්තිමේදි මට කියන්න ඕනි උනේ මේ ලෝකේ ජීවත් වෙන හා නොවෙන හැම වස්තුවකටම අර්ථදැක්වීමක් හෙවත් ක්ලාස් එකක් තියනවා. අපි කරන්නෙ මෙන්න මේ ක්ලාස් එක තේරුං ගන්නේ නැතුව එක එක ඔබ්ජෙක්ට් හැටියට අරගෙන ඒවයෙ ගුණ කථනය කරනවා.අන්තිමට රට පටලෝගන්නවා.මිනිස්සු විවිධාකාරයි කිව්වට එහෙමමත් නෑ.........................
ලියාගන ලියාගන යං මල්ලියා
ReplyDeleteබ්ලොගර් ෆලෝවර් ගැජට් එක දාහං
වර්ඩ් වෙරිපිකේෂන් අයින් කරහං
ලියාගෙන යනවා අයියෙ මං තාම මේ වැඩේ ඉගෙන ගන්නවා.බොහොම ස්තුතියි උපදෙස් වලට.නොදන්න දේවල් බොහොමයි .මං ඒ වැඩේ කරන්නම්.
Deleteසුබ පැතුම් මල්ලියා දිගටම ලියමු……
ReplyDeleteBlogger Dashboard එකේ Settings වල ඇති Posts and comments. අන්න ඒකෙ Show word verification කියලා තියෙන එක No කරන්න.
ReplyDeleteමේක නම් කරන්නම වෙනෝ…… :D
අනිවා මං ඒ වැඩේ කරන්නම්.බොහොම ස්තුතියි මගෙ බොගටත් ආවට
Deleteමෙහෙමයි ක්ලාස් කියන්නේ ටෙම්ප්ලේට් එකක්, එකෙන් විවිධාකාර ඔබ්ජෙක්ට් හදන්න පුළුවන්. ක්ලාස් එකේ ප්‍රොපටීස් සහ මෙතඩ්ස් අර ඔබ්ජේක්ට්වලට උරුම වුණාට ඒවා නැවත අර්ථදක්වන්නත්, අළුත් ඒවා ඈඳා ගන්නත් පුළුවනි.
ReplyDeleteඑනිසා ක්ලාස් එක ගැන විතරක් හිතලා මදි. එක් එක් ඔබ්ජේක්ට් ගැනත් සුවිශේෂීව බලන්න වෙනවා!
ස්තුතියි කකා මහත්තයෝ. ඇත්තටම මේකෙ ගොඩක් අඩුපාඩු තියනවා පලවෙනි පෝස්ට් එක නිසා වෙන්න ඇති.ඔයාල වගේ බ්ලොග් පොරවල් ඔව්වා පෙන්නා දෙන එක ගොඩක් හොඳයි.නැත්තම් අපි අනාතයි.
Deleteහැබැයි ඔයාගෙ අර සුවිශේශීව බලන කතාව මට ඇල්ලුවෙ නෑ.
Deleteමගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
ReplyDelete1 ආදර අක්ෂර වින්‍යාසය
2 නැවත ජය
3 ගර්භාෂයේ ඵල
4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය