Loading...

Monday, July 7, 2014

01.)Object Oriented ඇසින් ජීවිතය දකිමු

කාලයක් තිස්සෙ බොගක් පටන් ගන්නව කියල හිතාගෙන හිටියට.අද තමා ඔන්න වැඩේ කිරියාත්මක කොරේ.ඉස්සෙල්ලම මොන මගුලක් දානවද කියල හිත හිතඉන්න කොට අවා අයිඩියාවක්  ඉතින් ලියලා දානව කියල හිතුනා ඕනි කෙහෙල් මලක් කියලා.ඉතින් මක්කයි මේ ඔබ්ජෙක්ට් ඔරිඔන්ටෑසොන් කියන්නෙ?


මේක මෙ කව්ද සුද්දෙක් ඔය කොම්පියුටෙර් පොරොගැරැම් වලට පාවිච්චි කරන්න හදපු මගුලක් නෙව.ඌ කියන විදියට,
ලොකේ තියන හැම මගුලම පන්ති වලින් නෙව හැදිල තියෙ කියන්නෙ ( පංති කිව්වම වරදවා හිතන්න එපා මේ ජෙප්පො කතා කරන පංති නම් නෙමේ )ඌ කියන විදියට නම් කලාසස්. මේ ලොකෙ තියන හැම වස්තුවක්ම මොකක් හරි සාර්ව්ත්‍ර කුලකයක අවයවයක්.එතකොට ඒ සාර්වත්‍ර කුලකයේ තියෙන එවුව මෙව්වා වලින් ටිකක් හරි ඔක්කොම හරි මේකට තියනවා.උදාහරනයක් හටියට ගමුකො වස්තුවක්.ගොඩක් මිනිස්සු බදින්න කලින් තමන්ගෙ කෑල්ලට  වස්තුවේ කියනවනේ.ඉතින් ඔය කියන වස්තුවත් ගෑනු කියන කුලකයේ අවයවයක්.අනික් ගෑනුන්ට තියන එවුව ඔක්කොම හරි ටිකක් හරි ඔය ගෑනිටත් තියේ නෙ.ඉතින් අපේ මේ කොම්පියුටෙර් උන්නන්සෙ බාහිර ලොකේ දේවල් තෙරුම් ගන්නෙත් ඔය විදියට තමා.ඌට ජනදිපති ආර්යවත් එකයි හිගන්නිත් එකයි ඌට දෙන්නම ගෑනු විතරයි.(බලාගෙන යනකොට ගොන් පීටරේ මිනිහට වඩා දියුණුයි තමා ).
            මට නිකන් හිතෙනවා ඇයි අපටත් මේ විදියට හිතන්න බැරි කියලා.අපිත් හැමෝම මොකක් හරි බඩුවක්. හැබැයි වෙලද බඩුවක් කිව්වොත් තමා හරි(ඇයි ඉතින් දීපාල් සිල්වා එහෙම"අපිට හොරෙන් අපි විකිණෙන අමුතුරටක් මේක" කියල තියෙන්නෙ කට කහනවටයැ අයිබොවන්ට.).අපෙත් හමෝටම පොදු ගතිගුණ තියනවා ඒවගේම වෙනස් වෙන තැනුත් තියනව හැබැයි පොදුවේ ගත්තම එකම අච්චුවේ වෙනස් වෙන්නේ සිතුවිලි කියන ලක්ෂණය විතරයි.ඒකත් සමාන තැන් නතුවාම නෙමේ.ඒ උනාට අපේ සමාජෙ අපිව මනින්නෙ ජාතිය,ආගම,කුලය වගේ එවුවයින්.ඒව එච්චරටම සාර්ථක ලක්ශන හැටියට මන් නම් දකින්නෙ නෑ.මොකද අන්තිමට අපි ඔක්කොම එකම විදිහෙ නිසා.ඉපදෙන්නෙ එකම විදියට එකම තැනින් නම් මැරෙන්නෙ එකම විදියට නම්.මොකක්ද තියන වෙනස. වෙනස් වෙන්නෙ ක්‍රියාවෙන් හා කතාවෙන් කියල ඔය දැන් අගමැති තුමත් ටීවී 1කේ ඇඩ් 1ක් හිටන් දාන්නෙ.
                             අන්තිමේදි මට කියන්න ඕනි උනේ මේ ලෝකේ ජීවත් වෙන හා නොවෙන හැම වස්තුවකටම අර්ථදැක්වීමක් හෙවත් ක්ලාස් එකක් තියනවා. අපි කරන්නෙ මෙන්න මේ ක්ලාස් එක තේරුං ගන්නේ නැතුව එක එක ඔබ්ජෙක්ට් හැටියට  අරගෙන ඒවයෙ ගුණ කථනය කරනවා.අන්තිමට රට පටලෝගන්නවා.මිනිස්සු විවිධාකාරයි කිව්වට එහෙමමත් නෑ......................... 
              
                 




8 comments:

  1. ලියාගන ලියාගන යං මල්ලියා

    බ්ලොගර් ෆලෝවර් ගැජට් එක දාහං

    වර්ඩ් වෙරිපිකේෂන් අයින් කරහං

    ReplyDelete
    Replies
    1. ලියාගෙන යනවා අයියෙ මං තාම මේ වැඩේ ඉගෙන ගන්නවා.බොහොම ස්තුතියි උපදෙස් වලට.නොදන්න දේවල් බොහොමයි .මං ඒ වැඩේ කරන්නම්.

      Delete
  2. සුබ පැතුම් මල්ලියා දිගටම ලියමු……

    ReplyDelete
  3. Blogger Dashboard එකේ Settings වල ඇති Posts and comments. අන්න ඒකෙ Show word verification කියලා තියෙන එක No කරන්න.

    මේක නම් කරන්නම වෙනෝ…… :D

    ReplyDelete
    Replies
    1. අනිවා මං ඒ වැඩේ කරන්නම්.බොහොම ස්තුතියි මගෙ බොගටත් ආවට

      Delete
  4. මෙහෙමයි ක්ලාස් කියන්නේ ටෙම්ප්ලේට් එකක්, එකෙන් විවිධාකාර ඔබ්ජෙක්ට් හදන්න පුළුවන්. ක්ලාස් එකේ ප්‍රොපටීස් සහ මෙතඩ්ස් අර ඔබ්ජේක්ට්වලට උරුම වුණාට ඒවා නැවත අර්ථදක්වන්නත්, අළුත් ඒවා ඈඳා ගන්නත් පුළුවනි.

    එනිසා ක්ලාස් එක ගැන විතරක් හිතලා මදි. එක් එක් ඔබ්ජේක්ට් ගැනත් සුවිශේෂීව බලන්න වෙනවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කකා මහත්තයෝ. ඇත්තටම මේකෙ ගොඩක් අඩුපාඩු තියනවා පලවෙනි පෝස්ට් එක නිසා වෙන්න ඇති.ඔයාල වගේ බ්ලොග් පොරවල් ඔව්වා පෙන්නා දෙන එක ගොඩක් හොඳයි.නැත්තම් අපි අනාතයි.

      Delete
    2. හැබැයි ඔයාගෙ අර සුවිශේශීව බලන කතාව මට ඇල්ලුවෙ නෑ.

      Delete