Loading...

Thursday, July 10, 2014

04.)මල්ලියා සහ දියබල්ලාගේ අබිරහස


මල්ලියා සහ දිය බල්ලා මේකෙ ටිකක් නොගැලපෙන ගතියකුත් තියේ තමා.හරියට මහල්ලා සහ මහමුහුද වගේ නැත්තම් හිමකිරමෙ සහ පරිප්පු වඩේ වගේ.ඒ උනාට ඉතිං 

කතාව අහලා හිටිංටකො........................




                        මල්ලියා ඉක්කෝලෙ යන කාලෙ ගෙදර එන්නේ නිවාඩු කාලෙට විතරයි.ඇයි බං පොඩි කාලෙම සිස්සත්තෙද මොකක්ද 1 පාස් උනා කියලා කොල්ලව ගෙහුං කොළඹ නැවත්තුවනේ.ඒ දවස් වල අපේ ගෙදර නළ ජලය තිබ්බේ නෑ.බොන එකට අමතරව වතුර ගත්තෙ ගගෙන්.මේ ගග තියෙන්නේ අපේ ගෙදරට හෙන ලගින්.කොච්චර ලගින්ද කියනව නම් වැසිකිලියට දුවන්නෙත් ගගෙන් වතුර 1ක් අරගෙන.ඉතිං මල්ලියා මූණ හෝදන්න බහින්නෙත් ඔය ගගටම තමා.ඔය කාලෙ ඔතනම ගගේ පහලට වෙන්න ඇදුම් පතලෙකුත් තිබ්බා.ඇදුම් පතලේ කියන්නෙ ගගේ පතල් කරන 1ටනෙ ආයිබොවන්ට.ඔය පතලෙ එවුවො මල්ලියත් එක්ක මාර ෆිට් මොකෝ කොල්ල යනවනෙ උදේට උදේට හිටිඅඩියෙ එකතුවෙන කොට්ට්ම්බා අහුලන්න.ඉතින් එක දවසක් මල්ලිය දත් බුරුසුවත් වික විකා මගේ නොවන මගේම තුවායත් අරගෙන බැස්සා ගගට මූන හෝදන්න.ඔය අපේ ගේ ගාව තොටුපොලේ තියෙයි පෞරාණික ගලක් අපේ ආච්චිගෙ අම්මාගෙ කාලෙ හිටන් ඔතන තියන එකක්.පුරුද්දක් හැටියට මං ඉතිං ඔය ගල් රාජයා උඩට වෙලා ගඟ අද්දර සිහිල් සෙනේ සැනහි සැනහි තමා දත් වහල්ල මැද ගන්නෙ.ඉතින් මේ කියන දවසෙත් සුපුරුදු පරිදි ගියා එතෙන්ට.


මල කෙලියයි!!!!!!!! 



මං යද්දි ගල උඩ මෙන්න බොලේ තඩි ආනමාළු ගෙඩියක් ආයි ඇස්දෙකම හොදට පිහ දාලා බැලුවා.මෙන්න යකෝ ආනමාළු ගෙඩියත් එක්ක තව ඇඹුල් කෙහෙල් ගෙඩියක්.











                       එක  ඇටි කෙහෙලක්වත් නෙමේ බං කවුරුහරි එකෙක් අර කෞතුක වස්තුව උඩ රීලා.අනේ ඉතින් උදෑසනම දුටු මේ මංගල ලකුණ නිසා අස්පට් එකේ උපරිම එකට පත් වූ මල්ලියා ඕනවට එපාවට වහල්ලත් මැදගෙන ඉක්මන් කොර නැවතත් නිවසට සම්ප්‍රාප්ත උනේ මවට මේ උනුසුම් නිව්ස් එක දෙන්නයි.කේලම කනේ තැබූ සැනින් අම්මා පැවසුවේ අමුතුම මෙව්වා එකකි.


"ආ........ ඔය දිය බල්ලෙක් වෙන්න ඇති එගොඩ ගොඩේ මට ඇහුනා පැටවු වගයක් කෑගහනවා "

දිය බල්ලා යනු මුගටියෙක් වැනිසතෙකි.දිය ගොඩ දෙකෙහිම හැසිරෙන නමුත් වැඩිපුර ඉන්නේ ගොඩ බිමය.ඉස්සර නම් සෑහෙන්න හිටි නමුත් අද වනවිට බෙහෙතකට එකෙක් හොයා ගැනීමට නැත.දියබල්ලන් පමණක් නොව එදා බහුලව සිටි ඉබ්බන්,දිය කාවන්,දිය නයින් මෙන්ම කබරයින්ද අද වන විට අතුරුදහන් වී ඇත.දැන් ගඟේ දන්ඩි පැටියෙක් දකින්නේ කලාතුරකිනි.මේ ආකාරයට බලන කල මුන් සේරම සුදු වෑන් එකෙන්වත් අරන් ගියා දැයි සිතේ.               
                                                                                              මං හිතාන ආවේ අම්මා දුම්මල වරම අතට ගනී
කියාය.සිදු උනේ අනික් පිටය.කෙසේ වෙතත්  මේ ගූ කේස්  එක නිසා උදෑසනම මගේ දවසම මස්තබාල්දු විය.තව කෙනෙක් මේ සුභ දසුන දකිවී යන අර්තමාර්තකාමීත්වයෙන් යුතුව වැලි පොල් කට්ටක් හලා ආවේ දවල්වී කට්ට බෙර වූ පසු අරන් දමන අධිශ්ඨානයෙන් යුක්තවයි.  ඉතින් පහුවදාත් අපේ මේ කතා නායක මල්ලියා ගියා ගඟට.( ආයි මක්කටයි ඉතින් මූණ හෝදන්න මිසක් ).එදත් අර සුබ දර්ශනේ තියනවා දිලිසි දිලිසි.මූ නම් දිය බල්ලෙක් නෙමේ  *ස  බල්ලෙක් නැත්තන් යකෝ මං දත් මදින තැනම ඕක කරන්න ඕනියැ.අද නම් මල්ලියට මේ ගැන සැකයි මොකෝ මං දන්න කිසිම සතෙක් (මිනිස්සු ඇරෙන්න ) ඔය වැඩේ එකම තැන කරල යන්නෙ නෑ.ඒ කාලෙ ගිය පන්පසිඳුවන් ,පුංචිවීරයො බලලා අපිටත් ඉස්සර මාර ඇම්මක් තිබ්බනේ අබිරහස් වැඩ වලට.අනික කොල්ලට මාර මල දවස් දෙකක්ම මේ වැඩේ කරල ගිය නිසා.ඉතින් කොල්ලා ගෙදරට වෙලා දවසම කල්පනා කොරා මක්කයි කොරන්නේ කියල.හවස් වේගන එනකොට 
කොල්ලට එනවා තුච්ච,නින්දිත,කුප්ප අයිඩියාවක්.ගියා පතල් පොලට.ඔය ගඟ අදිද්දී ඉස්සර ගඟට යටින් ගිය දෝනා වල සුං බුං සෑහෙන්න හම්බ වෙනවා.සුං බුං කිව්වේ මුක්කු කෑලියි කැකිල්ල රොඩුයි නෙ.ඔව්වායින් මුක්කු ටික නම් වේලලා දරට ගන්නවා කැකිල්ල නම් වැඩක් නැති නිසා එහෙම්ම තියනවා.කොල්ලා ගත්තා ඔයින් අඩි බාගෙක විතර හයිය කැකිල්ල කූරක්  ගෙනිහින් කාටවත් නොපෙනෙන්න ගැහුවා අර ගලේ තිබිච්ච පැළුමක.ගහලා ඇවිත් බයියන් කාලා,සුලුදිය එහෙම පහ කොරලා නිදා 

ගත්තා.මහ  රෑ 2ට විතර මව ඇවිත් කතා කොරනවා,


"ලොකූ... ලොකූ...ගඟ පැත්තෙන් කව්ද මිනිහෙක් කෑ ගැහුවා යං බලන්න"
  කියලා.


"දියබල්ලෙක්  වෙන්න ඇති අම්මේ "

කියලා මං අනික් පැත්ත හැරිලා නිදා ගත්තා.


31 comments:

  1. අපේ සින්ඩියට බ්ලොග් එකත් ඇතුල් අකරන ලින්ක් එක එවන්න මල්ලියා. මෙන්න අපේ බ්ලොග් දර්ශකයට පිවිසුම.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  2. ඔන්න මං එවුවා.
    ස්තුතියි නැවත එන්න!!!!!!!!!

    ReplyDelete
  3. දිය බල්ලගේ ඇකේ පුනිලා වගේ.... මල්ලියෝ මේ කොයි පළාතේ වෙච්ච දෙයක් ද. රත්නපුරේට පහළ දිහාවකද? උමේ අලුත් පෝස්ට් එක අප් ලෝඩ් වෙලා නැ. ඒ ගැනත් බලපං

    ReplyDelete
  4. රත්නපුර හා බලන්ගොඩ අතර මං ඒක update කරානෙ

    ReplyDelete
  5. යකෝ මල්ලො උඹ දීලා තියෙන්නෙ රජ කාලෙ දඬුවමක්නෙ බං.

    කියවත්දි ඇඟත් හිරි වැටුනා.
    කියවපු මට ඇහෙමනම් ඇනිච්ච පුකේ අයිතිකාරයට කොහොමට ඇත්ද? :D :D

    ReplyDelete
    Replies
    1. විශ්වාස දායී ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ලැබුනා අඟල් 2 3ක් බැහලා කියලා..

      Delete
  6. ආ කියන්න අමතක උනා. උඩ ෆොටෝ එක පට්ට ආ. උඹම ගත්තු එකක්ද? ශ්හා ඒක මාරම කලාත්මකයි බං. කියන්න වචන නෑ.

    (මේ ඇත්තටම මොකක්ද බං ඒකෙ තියෙන්නෙ.? මම දැක්කෙත් නැහැනෙ.) :D

    ReplyDelete
    Replies
    1. මල්ලියාට විතරයි ප්‍රියෝ ඒ පොටොව පෙන්නෙ ;)))

      Delete
    2. @චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) & සහෝදර
      ඕකෙ ඉන්නෙ දියබල්ලෙක්ළු.අවදානෙන් බලහන් එතකොට තමා පේනවා කියන්නේ.හැබයි මං දැක්කෙත් නෑ බං තාම.

      Delete
  7. මල්ලියෝ කමෙන්ට්වලට උත්තර දානකොට Reply කියන තැන ඔබලා එතැන උත්තරය දාන්න.

    ReplyDelete
    Replies
    1. එතකොට මෙන්න මේ වගේ උත්තරය වැටෙන්නේ

      Delete
    2. උදේ නිදිවිකාරෙන් දාද්දි ඕක මිස් වෙන්න ඇති අයියේ.බොහෝම ස්තූතියි

      Delete
  8. ඔන්න ගොඩවෙලා පොඩ්ඩක් බැලුවා ...ලියමු දිගටම කියවන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නැවත එන්න සහෝ

      Delete
  9. මම හිතුවේ මල්ලිය ප්ලෑන් කලෙ හොරාව අල්ලග්ගනයි කියලා.... බලාගෙන ගියාම කරලා තියෙන්නෙ හොරා ව උල තියන එකනේ....

    ReplyDelete
    Replies
    1. අර පුංචි වීරයෝ 1කේ ගියානෙ උගුල් අටවන කේස් එකක්.ඕක බලලා තමා ඔය ප්ලෑන අයිඩියාවට ආවේ.

      Delete
    2. තැන්කූ වේවා මේ පැත්තටත් ගොඩ උනාට.

      Delete
  10. හුහ් උඹද ඒ කුප්ප වැඩේ කරපු එකා? යකෝ මම දැන් පැත්තට හැරිලා නිදා ගන්නෙත්. ඔයවගේ දහදුරා වැඩක් නොකර තොට තිබ්බේ නැද්ද රෑ තිස්සේ ‍රැකගෙන ඉඳලා හූකියන්න?

    ReplyDelete
    Replies
    1. අයියෝ බොලේ....හිකිස්........
      පුංචිකමට දඟ කලාට ගනං ගන්න එපා ඔන්න

      Delete
  11. හෙහ් සිරා කතාව..

    ඔන්න මාත් මේ පැත්තේ ගොඩවුනා..

    ReplyDelete
    Replies
    1. ආයිත් මේ පැත්තේ එන්න හොදේ

      Delete
  12. \\කොච්චර ලගින්ද කියනව නම් වැසිකිලියට දුවන්නෙත් ගගෙන් වතුර 1ක් අරගෙන.//

    \\ මගේ නොවන මගේම තුවායත් අරගෙන බැස්සා ගගට //

    උඹේ ලිවිල්ල නම් මල්ලියා උපරිමයි. ප්‍රියා තමයි මට මෙහෙට පාර කිව්වෙ. ඌට තැන්කිවු මෙච්චර හොඳ අඩවියකට පාර පෙන්නුවට. ඔන්න උඹව මගේ බ්ලොග් රෝලට දාගත්තා. ෆලෝ පාරකුත් දැම්මා.

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා..වෙලාවක් තිබ්බොත් ආයිත් ඇවිත් යන්න එන්න.

      Delete
  13. ඕ යේස්. අපේ ප්‍රියා තමයි මටත් පාර කිව්වේ

    මල්ලි මචං. ලියවිල්ල රහයි.තෝ මිනීමරුවෙක්නේ බොල. :D. ඔහොම යං පුතා !!!!!!!

    ReplyDelete
    Replies
    1. තන්කූ වේවා පත්තරේ.අඩෝ.... කැකිල්ල කූරක් ගහුවා කියලා මිනිස්සු මැරෙන්නෙ නෑ බං. ඔයිට වඩා ලොකු ඒවා ගහන්නේ එහෙනම්.

      Delete
  14. පට්ට රයිටිං ඉස්ටයිල් එක මචා........න්
    උඹත් මං වගේම අලුත් එකෙක් නේද
    උඹව මගේ බ්ලොග් රෝලට දාගත්තා

    ReplyDelete
    Replies
    1. අලුත් කියන්නේ පට්ටම අලුත් තමා ඔයත් මගේ බ්ලොගේ එල්ලුවා.මන් කැමතියි අර සන්ගීත ලිපි ටිකට ඒක පට්ට.:-)

      Delete
  15. අම්මියෝ.... පිස්සු හැදෙයි

    ReplyDelete
  16. ම්ම්ම්......ලියහන් දිගට.....අඩුපාඩු තිබේ.......
    අපි ඉන්නව උඹ එක්ක......

    ReplyDelete