Loading...

Tuesday, July 8, 2014

02.)බාල මහලු හැම දෙනාම,මාරුවෙවී ලාම්පුවට හුලං ගහනවා........

පලවෙනි පොස්ට් 1ට  කවුරුවත් බැනලා තිබ්බේ නැති නිසා හිතුනා තව එකක් කොටන්න.අපේ අටම් අය්යගෙ පොන්නාලාපෙන්(පස්සෙන් පහු ශෝකාලාපෙ උනානෙව ).මගෙත් ලේ ධාතුව උනු උනා.මටත් ඔය පෙන්නන්නම බැරි ජාතියක්නෙ අන්තගාමී වැඩිහිටියො.ඉතින් හිතුනා සමාජ ඝට්ටනේ ගැන ලියලා දාන්න.මේකට ප්‍රස්තුථය උනෙත් මගේම අත්දකීමක්ම තමයි. 
                    මට මතකයි අපි පොඩි කාලෙ(පොඩි කිව්වට පොඩිම නෑ 9 වසරෙ විතර )ඉස්කෝලෙ උපදේශනයට හිටපු ටීචර් අපිට කොල වගයක් බෙදුවා.ඒකෙ තිබ්බෙ එක එක වයස් මට්ටම් වලදි තමන්ගෙ තාත්තා ගැන හිතෙන විදිහ.ඒකෙ තිබ්බෙ මෙහෙමයි



  • අවුරුදු 01-15 -----------------අපේ තාත්තා තමයි වීරයා එයා පුදුම දේවල්නෙ දන්නෙ.
  • අවුරුදු 15-25 -----------------තාත්තලා මොනවද ලෝකෙ ගැන දන්නේ දැන් කාලෙ  වෙනස්.
  • අවුරුදු 25-35 -----------------තාත්තලා කියපු සමහර ඒවා ඇත්ත තමා.
  • අවුරුදු 35-55 -----------------තාත්තලා කියපු ගොඩක් ඒවා ඇත්ත තමා.
  • අවුරුදු 55 පස්සෙ(ජීවත් උනොත්) --------------තාත්තලා කියපු හැමදේම ඇත්ත තමා.


ඉතින් මේ මගුල ඒ කාලෙ නම් අපිට වැඩිය තෙරුනේ නැහැ.හැබැයි දැන් ටික ටික තේරෙනවා ඒකෙත් පොඩි මෙව්වා එකක් තියනවා කියලා.හැබැයි සේරම ඇත්ත නෙමෙයි.සමහර තාත්තලා සම්බන්දයෙන් නම් ඔය කතාව සාධාරණයි.හැබයි බහුතර වැඩිහිටියො නිකන් අපි පාවිච්චි කරන වින්ඩෝස් OS එක වගේ.සම්මජාතියේ update වෙන්නේ නෑ.කරන්නත් බෑ.ඒ කාලේ කරේ තියා ගත්ත හනමිටියම තමා හොද.කවදාවත් ඒක බිමින් තියන්නෙ නම් නෑ.
                                     අපේ අම්මලාගෙ ඉස්කෝලෙ ට්‍රිප් එහෙම යන කොට හිටිගමන් මාත් යනවා.මේ ලගදි ගියා යාපනේ. 11 වසරෙ කොල්ලො කෙල්ලො ටික. ඔය ගිය පොඩි උන් සෙට් එක ගෙනල්ලා තිබ්බා තැටි වගයක් ඕල් රයිට්ලගෙ ඕවා දාගෙන යනකල් එනකල් නටාපු එක තමා කොරේ.දුකත් හිතුනා දැන් කාලෙ තාරුන්‍ය ගැන. අපිනම් ඒ දවස් වල ට්‍රිප් එකක් ගියා කියන්නෙ බොන්ගො 2 3ක් පලලාමයි එන්නෙ ඒකට දැන් හදෙන එවුන්. බැරිමතැන මං ගෙනිච්ච බොන්ගො එකත් අරගෙන රෑ නැවතිච්ච තැන ඉදන් මල්ලිලාට සින්දුවක් කියන්න කතා කරා.මගුල මුං එක සින්දුවක්වත් සම්පූර්නයෙන් දන්නෙ නෑනෙ.ඒ වැඩේ න් මෑන් ශෝ 1ක් වෙච්ච නිසා මං ගිහින් බස් 1 ඩ්‍රයිවර්ටයි කොන්දටයි උන්ගෙ ගල් බෝතලේටයි සෙට් වෙලා වෙනම සන්ගීත සන්දර්ශනයක් පැවත්වුවා.අපිට නම් ඒ කාලෙ පොඩි පිස්සුවක් තිබ්බා සිංදු පොත් වල ලියලා එකතු කරන.වෙනස් වීම කියන්නෙ දැන් කාලෙ එවුන් මේවා කරන්නෙ නැති 1.සමහරවිට දැන් සමාජෙ අපේ කාලෙට වඩා සංකීර්ණ නිසා වෙන්න ඇති.උන්ගෙ ආතල් 1 නටන එකමයි.සුරා සූදුවෙන් තොර හොද ළමයි ටිකක්.ඒ අතින් නම් අපිට වඩා රත්තරං.මට නටන්න බැරි හින්දා 2වනි දවසෙ ඉදන් මං පාඩුවෙ ඉස්සරහට වෙලා හිටියා.
                                                          ඉස්සරහට වෙලා වත් පාඩුවෙ ඉන්න හම්බුනේ නෑනෙ.ඉස්සරහ හිටියා අපේ අම්මලගෙ ඉස්කෝලෙ සිංහල මිස්.අයියෝ සල්ලි යනකල් එනකල් අර සින්දු වල ගුණදොස් විචාරය කරන එක තමා එයාගෙ වැඩේ.මං කිව්වා ටීචත් පොඩි කාලේ ටීචර්ගෙ ටීචර්ලත් ඔහොමම කියන්න ඇති කියලා.ඒ පාර ඒ ගෑනි කියපි අපි ඔය කුනුහරුප අහුවෙ නැත අපි අහුවෙ එම් එස් ලගෙ,ජෝතිපාල ලගෙ සින්දුය කියලා.මගේ මල ආවා නහයලගටම නිකන් විජය පත්තරේ මල් මාමගෙ වගේ.ආයි මක්කයි ගුරුවරයෙක් නේ කියලා කටවහගෙනම හිටියා.ඇයි යකෝ ඒ කාලෙත් සුනිල් ශාන්තලගෙ,රුක්මණී දේවිලගෙ සින්දු අහපු වැඩිහිටියො උන්ටත් ඔය විදිහටම බනින්න ඇති.වැඩේ කියන්නෙ ලංකාවෙ එවුන්ට මුල මතක නැති එකයි.මට කොහොමත් ඔය ජෝතිපාලත් එක්ක පුද්ගලික තරහක් තියෙයි.මාත් උගේ සින්දු අහනවා තමා.උගෙ කටහඩේ නෙමේ ප්‍රශ්නෙ සින්දු වල."සිරියමෙ සාරා "අරුනු කොට වෙන එක සින්දුවක් වත් නෑනෙ ලංකාවෙ මෙලඩියකට.අනික එකම මෙලඩියට සින්දු 2 3 ක් තියනව.ඒ අතින් බැලුවම ඌත් නිකං අජිත් මුතුකුමාරණ වගේ වෙනසකට තියෙන්නෙ .අජිතා කරන්නෙ උගෙම මෙලඩි.ජෝතිපාල කරන්නෙ කොපිය. 

                                      දැන් කාලෙ ලව් ගැන නම් මට තියෙන්නෙ ඉතාමත් යහපත් ආකල්පයක් අපේ කාලෙට සාපෙක්ශව ගෙම්බො අඩුයි.ඉන්න ටිකත් හබැයි බුකිය වටේටම බක බක ග ගා රෙනවා.කෙල්ලො ගැන නම් එච්චර යහපත් ආකල්ප නෑ.උන්ගෙ අවස්ථාවාදී කම වැඩි වෙලා.කොච්චර අවංකව ලවු කරත් උස මහතට ඉන්න සහ සල්ලි තියන කොල්ලට තමයි කෙල්ලො කැමති. අධ්‍යාපන මට්ටම කියන සාධකෙත් යටයි සල්ලි වලට.මේ ලගදි මං මූණු පොතේ දැක්කා හොද පිංතූරයක් කොල්ලෙක් කෙල්ලෙක්ගෙ සාය අස්සට අත දාන කොට කෙල්ල කොල්ලගෙ පර්ස් එකට අතදානවා.අද කාලේ ලව් ගැන පැහදිලිකරන්න ඒ පින්තූරෙම ඇති.අද වෙද්දි ධම්මි සුගත් ලව් ගැන උන්ට කියාදෙන්න යනවා කියන්නේ.හරකෙක්ට අවකලනය කියා දෙනවා වගේ වැඩක්.මොකෝ උන් දැන් බලන්නේ වැම්පයර් දිනපොතනෙ.විවෘත ආර්ථික ක්‍රමයත් එක්ක අපේ මිනිස්සුන්ගෙ හැගීම් දැනීමුත් ගෝලීයකරණය වෙලා තියන හැටි හරිම පුදුමයි.

                                    මේ ගැටුම ගැන ලියාගෙන යනකොට මට මතක් උනේ උසස් පෙලට ඉගෙනගත්ත ගැටුම් පාඩම.ඔය කියන ගැටුම් ජාති 2 ක් තියනවා කියලා ඉගෙනගත්තා ඒ කාලේ.පූර්ණ ප්‍රත්‍යස්ථ ගැටුම් සහ අප්‍රත්‍යස්ථ ගැටුම් කියලා.පූර්ණ ප්‍රත්‍යස්ථ කිව්වේ ගටුමේ දී ශක්තිහානියක් සිද්ද වෙන්නෙ නැති එව්ව නෙව නිකන් අර ඉස්සර ටිපි ටිප් ජාතියකට හම්බෙච්ච ජම්පින් බෝලයක් බිම ගහුව වගේ කොච්චරවත් බම්ප් වෙවී තියෙන්නෙ ඒ වගේ.අප්‍රත්‍යස්ථ කිව්වේ ශක්තිය හානි වෙන එවුවා නිකං මැටි ගුලියක් බිත්තියට ගැහුවා  වගේ එවුවා.ඉතින් මේ වැඩිහිටි තරුණ ඝට්ඨනෙත් පූර්නප්‍රත්‍යස්ථ ගැටුමක් වගේ.පටන් ගත්ත දවසෙ ඉදන් ගැටි ගැටීමයි තියෙන්නේ.දෙපැත්තෙම කට්ටියගෙ ශක්ති හානියක් නෑ.මට මේ අවස්ථවේදී මතක් වෙනවා ලස්සන සින්දුවක් සන්ෆ්ලවර්ලගෙ එලාර දුටුගැමුණු කියලා.ඒකෙ අන්තිමට තියනවානෙ අර මාරු වෙවී ලාම්පුවට හුලං ගහන කතාවක් මේකත් ඒ වගේ මගුලක්.තමා අන්තිමට බාල මහලු දෙපාර්ෂවයම මාරුවෙවී ලාම්පුවට හුලං ගහනවා.අපි වටේ ඉදං විසිල් ගහනවා.......

13 comments:

  1. ගෝත්‍රක සමාජ වල තමා මේ වැඩිහිටියෝ. නායකයෝ. ළමා වැඩිහිටියෝ, ආගමික නායකයෝ අරුන් මුන් ඉන්නේ. දියුණු සමාජයක ඉන්නේ අවුරුදු 10-12 පස්සේ තරුණයෝ විතරයි.

    ReplyDelete
    Replies
    1. එහෙම දියුනු සමාජ කොහෙද අයියේ තියෙන්නේ.සමහරවිට පිටරට ඇති.දන්නෙ නෑ තාම රටින් පිට වෙලා නැති නිසා.අපේ මේ සිරි ලංකාවට නම් ඕවා සංකල්ප විතරයි.

      Delete
  2. පිස්සු බං… ගොඩක් උදවියට මතක නෑ එයාලටත් එහෙම යුගයක් තිබුන බව. ඒ කාලෙ දාන්න තියන ඔක්කොම දඟර ඩෑන්ස් දාපු උදවියත් උපාසක උනාම අනිත් උන්ට තහන්චි දානවා.

    ඕකට ඉරිසියාවත් හේතුවක්.

    ReplyDelete
    Replies
    1. ඉරිසියාවත් එක හේතුවක් තමා බං ඒ උනාට මුන්ට මොලේ කියලා අබ මල් රේනුවක් තියෙයි නම් මුල අමතක වෙන්න බෑනෙ.අපේ මිනිස්සු ඉන්න රාමුවෙන් පිට හිතන්න කම්මැලියි එක්කො කැමති නෑ.නැත්තම් බයයි.මොන ලබු ඇටයක්ද කියලා තේරුම් ගන්න බෑ.

      Delete
    2. ලබු ඇටේ කප්පාදු කරා නම් හේතුව හොයා ගන්න තිබුනා. ;)

      Delete
    3. ලබු ඇටත් මේ දවස්වල රතුදත්ත පොතට ගිහින්නෙ බං.
      1ක් හම්බුනොත් කපලා බලලා පෝස්ට් 1ක් දාන්නම් උඹලටත් බලන්න ;-)

      Delete
  3. මචෝ… වෙන පෝස්ට් ගැන මතක් කරන කොට ඒ පෝස්ට් එකේ ලිංක් එකක් දාන්න පුළුවන්නම් හොදයි. //පලවෙනි පොස්ට් 1ට// මේකට ඒකෙ ලිංක් එකයි, // අටම් අය්යගෙ පොන්නාලාපෙන්// මෙතනට අටම් අයියගෙ ලිංක් එකයි.

    උපදෙසක් නෙමේ අදහසක් පමණයි. :)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අදහසට ස්තුතියි ඔන්න මං update කරා.

      Delete
  4. ඔන්න මචං මල්ලිගෙ එකට පත්‍තර මල්ලි ආවා. මං උඹට මල්ලි කියන්නං උඹත් මට මල්ලි කියහං ඈ :D

    රයිට් බොස් .. සොරි . මල්ලි මචං.. වැඩිහිටියන්ට බොක්ක දෙන්ඩෝනැ තමා, වයසට ගරුකරන්ඩත් ඕනෑ. ඒත් සමහරුංගෙ කොන්ඩෙ පැහුනට මොලේ මොන්ටිසෝරි යන කාලෙ තිබ්බ එකමනෙ. ඕකනෙ බං අවුල ඈ . චැහ් !!!

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා පත්තරේ
      මොලේ සම්බන්ධ අවුලක් තමා මටත් පෙන්නුම් කොරන්නේ.සම්පූර්ණ ඇත්ත.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete