Loading...

Wednesday, July 9, 2014

03.)හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා........මල්ලිගේ චාටරේ............

බ්ලොග්කරණය පටන් අරන් දවස් 2යි උනාට ලැබිච්ච් ප්‍රතිචාර ගොඩක් හොදයි.ගොඩක් කට්ටිය කියවලා තිබ්බා.මගේ මේ පිස්සු විකාර කවුරුහරි කියවනවා කියන එකම ඇති.කොමෙන්ට් නැතත් කමක් නෑ.මෙහෙම එකක් දැන්ම කොටන්න හිතාගෙන හිටියෙ නෑ . මල දානේ අදම කොටන්න උනානේ.ඕක තමයි මේ සමන් දෙය්යන්ගෙ රටේ බැරිම වැඩේ කිසිමගුලක් හිතාගෙන ඉන්න වෙලාවට කරන්න බෑනෙ.මේකට නිධාන කතාව වෙන්නේ ඊයෙ මල්ලියා කාපු අස්ප චාටර් එකක්.ඒ චාටර් රාජයා කෙසේද යත්....................


මල්ලියා මේ බොග පටන් ගත්ත දවසේ යාළුවෙක්ට ලින්කුව දුන්නා අඩු පාඩු බලලා කියන්නෙයි කියලා.විශේෂ කාරණේ මේ කියන යාළුවා ගෑල්ලමයෙක්.ඔය ඉතින් ගෑල්ලමයෙක් කියපු ගමන් අපේ අය්යලා හිතපු 1ක මට මෙහේ ඉදන් කිව්වැකි.නෑ බොලේ එහෙම මක්කක්වත් නෑ.තියෙයි නම් ඉතින් නොකියා ඉන්නවැයි ඇරත් එහෙම කිව්වේ නෑ කියලා මට නොබෙල් තෑග්ග හම්බෙනවැයි.කොහොමත් ඉතින් ඔය ගෑල්ලමයින්ට උපන්ගෙයි හැකියාවක් තියෙයිනෙ පාට මැච් කොරන්න.
ඉතින් මං ඒ සම්බන්ධව පොඩි උපදෙස් ටිකක් ගත්තා එයැයිගෙන්.එතකොට මං එක පෝස්ටුවක්වත් දාලා තිබ්බෙ නෑ හොද වෙලාවට.ඉතින් ඊටපස්සේ මන් මේ අන්තිමට දැම්ම ලාම්පුවෙ ඉස්ටෝරිය මේකි බලලනෙව.ඔහෙලා බැලුවට මට කමක් නෑ ඒ උනාට ඇත්තටම මං කවුද කියලා දන්න කෙනෙක් මේක බැලුවම විශේෂයෙන් ගෑල්ලමයෙක්ට නිකං ඔක්කාරය සහ කක්කල් කැස්ස හදෙන ස්වභාවයක් ඕකෙ තිබ්බා.මොකෝ මාත් මේ ඇම්ඩා වගේ ටෝක් දැම්මට ගමේ ගොඩේ හොද ලැජ්ජ බයට හැදිච්ච කොල්ලා.ලිහිල් බසින් කිව්වොත් ලාමක ටිං ටිං කෙනෙක්( පිටට පෙන්නන්නෙ එහෙමයි).ඉතින් මෙම ලාම්පු කතන්දරය අරභයා අර ඉහත රෝගාබාධවල මූලික ලක්ෂණ පහල වූ මේ දැරියව මල්ලියාට අද පන්තියකදී මුණ ගැහුනනෙව.පංතියේදී කෙල්ල මල්ලියා දිහා බැලූ ආකාරය නිරීක්ෂනයෙන් මල්ලියා එලඹුනු නිගමනය නම් කෙල්ලගේ හිතේ මල්ලියා සම්බන්දයෙන් වටවල කහට පැල්ලමක් රැදී ඇති බවකි.එම නිසා කොහෙදෝ හිටපු සුද්දෙක් ලියූ කතාවක් ඈ නැවත පැමිණියහොත් ඇගේ අවදානය පිනිස එල්ලා ‍යෑමට සිතුවෙමි.


ඒ නම් මෙසේය...............




"මා යනු,
මා ගැන ඔබ සිතනා දේද ......
මා ගැන මා සිතනා දේද ......
නොව
මා ගැන ඔබ සිතනවා යැයි මා සිතනා දේය......"












ප.ලි 

අද කඩේ ගියාට මින් පසුව මොනයම් හේතුවක් නිසාවත් කිසිම කෙල්ලෙක්ට කඩේ නොයන බව කරුණාවෙන් සලකන්න.මගේ මේ දුප්පත් ලැප්ටොපා පල්ලා.

13 comments:

  1. හැක්… හැ… බොටත් හොද වැඩේ…

    දැන් ඒ ළමයා මේක දැකලා මොනවා කරයිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. දැකලා මේක 1වෙනියටම දැකලා තිබ්බේ ඌ තමා.ඊට පස්සෙ මූණු පොතේ මෙහෙම එවලා තිබ්බා " by da way.. i think u would better switch to ur 1st blog background... that purple and black thing... so that you no need to kade yanna for a GIRL"

      Delete
  2. උඹට හොදටම ශුවර් නේද ඔය ගෑල්ලමයා උඹේ අරයා නෙමේ කියලා? ;)

    ReplyDelete
    Replies
    1. නෑ බං .එහෙනම් ඉතිං කියනවනේ.

      Delete
  3. සමන් දේවාලෙට ගිහින් බාරයක් වෙයන් මල්ලියේ...! එතකොට ඔහොම අලකලංචි, අතුරු ආන්තරා අඩුවෙලා අහසින් වැටෙන වැස්සක්, හමන හුළඟක් ඇරෙන්න උඹට වෙන ආරොවක් පාත් වෙන්නේ නෑ...සත්තයි...අර කඳුරට කුඩයකුත් ගනින් කෝකටත්...

    ReplyDelete
    Replies
    1. සමන් දෙයියන්ගේ ඔපිස් එක මාරු කරලනෙ අය්යේ ධම්මදින්න හාමුදුරුවෝ.දැන් පැල්මඩුල්ලෙත් සමන් දේවාල 2ක් දාලා.රත්නපුරේ 1ත් එක්ක 3යි 3න් මොකට යන්නද කියල හිතා ගන්න බෑ.

      Delete
  4. ඕං මාත් ආව. කියන්න දෙයක් නං නෑ නෙව.

    ReplyDelete
    Replies
    1. කියන්න දෙයක් නැති උනාට ආපු එකම මදැයි

      Delete
  5. ඔන්න මල්ලියා මාත් ආවා මේ පැත්තේ. දැන් එන්නම් දිගටම. අදයි මේ බ්ලොග ගැන දැනගත්තේ. මගේ බ්ලොග් රෝලෙත් එල්ලුවා මේක ඔන්න.

    ReplyDelete
  6. Thanq වේවා නලීන් අය්යා

    ReplyDelete
  7. "මා යනු,
    මා ගැන ඔබ සිතනා දේද ......
    මා ගැන මා සිතනා දේද ......
    නොව
    මා ගැන ඔබ සිතනවා යැයි මා සිතනා දේය......"///

    මාත් මේ වාක්කිය අහල තියේ නෙව බොට කියන්න මල්ලෙ...
    හැක්...
    ඔන්න මාත් මේ ඉසව්වට ගොඩවැදුණ...
    ආයෙත් එංඤංකො

    ReplyDelete
  8. මල්ලියාගෙ බොගට සාදරයෙන් පිලිගනිමු!!!!
    මාත් ඕක කොහේ හරි කියවපු එකක් හැබයි කිව්වේ කව්ද? කාටද?කුමක් අරභයාද ? අවස්ථා සම්බන්දෙ නම් මතක නෑ බොලේ.

    ReplyDelete
  9. මල්ලියෝ ඔන්න මාත් ආවා..:)
    අනේ අනේ ඒ දැරිවි වර්ණත් සජෙස්ට් කලාට පස්සේ උඹ මෙහෙම දාලා හිත රිද්දුව එක වැරදි මලයෝ..හික් හික්..

    ReplyDelete