Loading...

Monday, July 28, 2014

05.)ලවු සහ මලඉලවු part 1

"ප්‍රේමය නම් මන රන්ජිත වේ නන්දිත වේ" කියලා සරත්චන්ද්‍ර මහත්තයා මනමේ කුමරයගෙ කටින් කියෙව්වට අද කාලේ වෙන මගුල් දිහ බැලුවම එච්චරටම නෑ කියලත් හිතෙනවා.කොහොමටත් ඔය සරත්චන්ද්‍ර මහත්තයත් එක්ක මගේ පරණ අවුලක් තියනවා.අර මලගිය ඇත්තොද මොකක්ද එකත් එක්ක ඒක වෙන දවසක කොටල දාන්නම්කො.සමහරවිට අදම කෙටෙයිද දන්නෙ නෑ.


අද කාලේ ලවු ගැන සංවාදයක කාලීන අවශ්‍යතාව ගැන හිතුනු නිසයි මෙහෙම එකක් කොටන්න හිතුනෙ.අතීත කාලෙන්ම පටන් ගත්තොත් මට මුලින්ම හිතෙන ලවු ඉස්ටෝරිය තමා සාලිය අශෝකමාලා කේස් එක.ඊට කලින් මිනිස්සු ලව් කරේ නෑ කියනවා නෙමේ එක පාරටම මට හිතුනු එක.ඉස්ටොරිය ඉතින් ඕනි ඇටිකිච්චෙක් දන්න හින්දා ආයිත් ලියන්න යන්නෙ නෑ.හැබයි මට හෙන අවුල අරූ මං කිව්වෙ සාලිය කොලුවා රජ සැපත් අතෑරලා අශෝකමාලා ගාවට ගිය එක.ඇයි යකෝ ඒ කාලේ ලංකාවෙ ගෑනු හිටියෙ නැද්ද මූට බැඳගන්න.මං සිරාවටම බලලා තියන එකක් තමා ඔය අතීතයේ සිද්දි නැවත නැවත සිද්ද වෙන එක.එහෙම බැලුවම අද කාලෙත් ඔය සාලියලා අම්බානකට පොඩ්ඩක් විතර වැඩියෙන් ඉන්නවා.ඒත් පොඩි අවුලක් තියෙන්නේ සාලියට තරම් පිස්සු හැදිච්ච ගෙම්බො නෑ.ඒකනෙ පුතා අයිශ්චර්ය කියන්නේ.ඒ කාලේ සාලිය කොලුවට අශොකමාලගෙ වැදුනෙ මොකක්ද දන්නෙ නෑ.එත් වැදිච්ච එක වැදිලා තියනවා ඔලුව පැලෙන්නම.මට අනුව ලංකාවෙ හිටපු පලවෙනි ගෙම්බා තමා ඔය සාලිය අයියා.ගෙම්බො කියන්නේ ඔය එකක් මත්තෙම මැරෙන්න යන එවුවොනේ අයිබොවංට.හැබැයි ඉතිං අපි එහෙම කිව්වට අපි දැන ගන්න එපැයි එක එක්කෙනාට එක එක දේවල් දැනෙන්නේ වෙනස් විදියට.උන්ට කොහොම දැනෙනවද කියන්න මං දන්නේ නෑ.මට නං ඕක දැනෙන්නේ මෙහෙමයි.
                                                                මේ ලවු කියන්නෙ මහ අමුතුම මෙව්ව එකක්.ආදරය(ඒක කියද්දි නිකං ලැජ්ජයි ලැජ්ජයි වගේ ) සහ ප්‍රේමය සමහරක් ඕක ගැන එක එක එවුවා කිව්වට මගේ මොල ජුන්ඩට අනුව ඔය දෙකේ වෙනසක් පේන්නෙ නෑ.වරදවා වටහා ගන්න එපා මං මේ කතා කරන්නේ අම්මා තාත්තට නැත්තම් සහොදරයින්ට යාලුවන්ට("යාලුවො නම් ටිකක් විතර අදාලයිද මන්දා")තියන ආදරය ගැන නෙමෙයි.තනිකරම අර යෞවනයේ පොපියන චමත්කාරෙ ගැන("ක්‍රීම් සෝඩා නෙමේ").මගේ පරිකල්පන මෙව්වා එකට අනුව නම් මේක දිහා මැදහත් සිතින් බැලුවම පේන්නේ ස්වභාව ධර්මයා විසින් යම් ජීවි කොට්ටාශයක පැවත්ම වෙනුවෙන් අත්‍යවශ්‍ය වර්ගයා බො කිරිම කියන අභිමතාර්තය මුදුන්පත් කරගන්ට මිනිස්සුන්ගෙ ඔලුව ඇතුලෙ තියන os එකට දාලා එවන application එකක් වගේ.හැමොම දන්නවා මෙහෙම එකක් තියනවා කියලා. හැබැයි නිසි වයස එනකල් ඒකෙන් වැඩ ගන්න දන්නේ නෑ.ඔන්න යන්තම් ලොකුයි වගේ කියලා හිතෙන කොට ඕක test කරන්න පටන් ගන්නවා.සමහරුනම් පලවෙනිසැරේම ඕක ගොඩ දාගන්නවා ("මං නම් තාම එහෙම එවුන් ගැන දන්නෙ නෑ.ඉන්නවලු")බහූ පෘතක්ජනා ඉතින් අර සුද්දා කිව්වා වාගෙ"Try and try" කරලා වැඩේ ගොඩ දාගන්නවා.පස්සෙන් පහු අඟ හිඟ කම් එනකොට ඕක පස්සෙ දොරෙන් පැනලා යනවලුනෙ.හැබැයි එහෙම නැතුව කට්ටෙන් කට්ට උතුම්ම කට්ට කියලා කට්ට කාගෙන ඉන්න එවුනුත් නැතුවම නෙමේ.
                                     ලව් ගැන කතාකරද්දි හිතෙන තව එකක් තමා මේ ලවු වල කාලානුරූපීභාවය.අර නිව්ටන්("මූත් මට පෙන්නනම බැරි චරිතයක්නේ. මේක තමා මගෙ A/L කෑවෙ") කියපු ගොඩක් ඒව වගේ මේකත් කාලානුරූපව වෙනස් වෙනවා.ඒක මේ විදියට තුන් ආකාරයකට ප්‍රස්තාර ගත කරන්න පුලුවන්.
                                 
                     
සමහර එවුවා පටන්ගත්ත තැන ඉඳන් වැඩිවේගන ගිහින් එක අගයක  රැදිලා තියනවා.සමහර ඒවා පටන් ගත්ත ගමං තියන ලවු එක කාලයත් එක්ක අඩු වෙලා එක්තරා අගයක රැදිලා තියනවා.තවත් සමහර එවුවා පටන්ගත්ත ලවු එක ඒ විදිහටම දිගටම තියනවා.මල්ලියාගෙ පෞද්ගලික කැමත්ත නම් ඔය 1වෙනි ආකාරයේ එවුවට.මෙතෙන්දි මං සැලකිල්ලට ගත්තේ ඔය හතු පිපෙනවා වගේ ඇති වෙලා නැති වෙලා යන ඒවා නෙමෙයි.අපි හැමෝටම තියනවනේ හරියන එකක් අන්න එවුවා ගැන.මේ තුන දිහා බලද්දි මේ තුනේම තියන පොදු ලක්ශණය තමා මේ ආදරයේ අවදි අගය.අවදි අගය කියන්නේ කෙනෙක්ගේ ලවු එකේ ස්ථාවර අවස්ථාව. ඕක මනින්න ඒකකයක් තාම අර්ථ දක්වලා නෑනෙ තිබ්බනම් ඉතිං මෙච්චරයි කියලා දාන්න තිබ්බා.ඉතින් මට හිතුනා ඕකට එකක් දාන්න අපි හිතමුකො කජු ඇට කියලා.සමහරුන්ගෙ ආදරේ කජුඇට 10 සමහරුන්ගේ 5 සමහරුන්ගේ 3 ඔයවගේ වෙනස් වෙනවනෙ.ඉතිං මේක අපි අවබෝධ කරගන්න ඕනි දැන් කාලෙ ගොඩක් ප්‍රශ්න වලට මුල වෙලා තියෙන්නේ,ඕක හරියට තේරුන් ගන්නේ නැතිව එක එක්කෙනාගෙ එවුවා සංසන්දනය කරන්න යන එක.
                                                     තව එකක් තමා දැන් දැන් අපි මේ ආදරය කියන කාරණාව සංස්කෘතික කාරණාවක් කරගෙන තියනවා.ඉස්සර ඔය කොල්ලො කෙල්ලො ලවු කරනවා කියන එක අසම්මත දෙයක් නෙ.සමහරක්ට තාමත් එහෙම තමා.නමුත් දැන් දැන් මේක සමාජගත වෙලා සම්මත වෙලා.නමුත් මේ සංස්කෘතික කියන වචනෙත් එක්ක අපි ලොකු කූඩුවක් ඇතුලට වැටෙනවා.ඒ කිව්වේ ඕකත් එක්ක සභ්‍යත්වය,සදාචාරෙ වගේ ලණු වලින් අපිව බැදෙනවා.සමහරවිට තමන්ගෙ හිතේ ඇතිවෙන සිතුවිලිත් එලියට දාන්නේ අර කියන සංස්කෘතික රාමුවට ගැලපෙනවා නම් විතරයි.එතකොට අපි එකිනෙකාට කර ගන්නෙ ලොකු බොරුවක්.මගේ නම් මතය ආදරේ කියන දේ මෙහෙමයි කියලා රාමු කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.එක එක්කෙනාට සාපේක්ශ දර්ශනයක්.ඒක වෙනස්විය යුත්තේ පුද්ගලයාට සාපේක්ශව මිසක් වෙන භෞතික සාධකයන්ට අනුව නෙමෙයි.නමුත් ඒක විවේචනයට විවෘත විය යුතුයි.

ප.ලි 

සංවාදයට විවෘතයි.මේක ලිව්වේ මගේ ජීවිතෙ අවුරුදු විසිගානක ස්වල්ප අත්දැකීම් එක්කයි ඒ නිසා අත්දැකීම් බහුල වැඩිහිටියෝ සදොස් තැන් නිදොස් කරත්වා.


17 comments:

  1. කෝ මේකේ සාරි ගැන ලියල නැනේ

    ReplyDelete
    Replies
    1. තව ලියන්න එව්වා ගොඩක් තියනවා මහත්තයෝ එකනේ මේකට පාර්ට් 1 කියල දැම්මේ.සාරි කේස් එකත් කතා කරන්න ඕනි මාතෘකාවක් තමා.තව තමන් ආදරෙ කරන කෙනාව දූශණය කරන එවුවා,පිහියෙන් අනින එවුවා.ඔන්න ඔය වගේ මතක් කරනකොට තමා අපිට අඩුපාඩු පේන්නෙ.BTW ආවට බොහොම ස්තුතියි!!!

      Delete
  2. අඩෝ මාත් මේ කම්පනා කරනවා,,, සාලිය ගැන.

    නේ බන් ඔය ඔක්කොම කෙළි ඉවරයිනෙ අර 'ලවු' කියන application එක අන් ඉස්ටෝල් කරලා දැම්මා නම්???????? හුටා තමයි!!!!!

    ReplyDelete
    Replies
    1. සාලියල අසෝක මාලලා අමතක කරල අපි අපේ විදියට හිතන දකින එක තමයි බං හොඳම දේ.

      අනින්ස්ටෝල් කලත් ආයෙ ඉන්ස්ටෝල් කරන්න හිතෙනවනෙ බං. රිජන් එකට රෙස්ට්‍රික්ටඩ් කරල දාන්න බැරිවෙයිද? ඒත් අපේ එවුන් රූට් කරල ආයෙත් ඇක්සස් හදාගනී නේද බං.

      Delete
    2. මෙව්වා එහෙම කරන්න පුලුවන් ඒව නෙමේ බං ඒක නිකන් windows explorer එක uninstall කරනවා වගේ වැඩක් ඒ වගේ uninstall කරන එක්ට තමා මයෙ හිතේ ඔය රහත් වෙනව කියන්නෙ.උඹල ගැන නම් කොහොමද දන්නේ නෑ මට නම් මේ ආත්මෙදි බෑ.

      Delete
    3. @චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)

      සාලිය මොන මගුලකට ගියාද මන්දා බං අපිටත් රජ සැප තිබ්බ නම් දනී කරන එවුවා.එකෙක්ගෙන් මොනා කරන්නද් බං දානවා අන්තපුරයක්ම රටෙ ඉන්න ඔක්කොම අශෝකමාලලව ගෙනල්ලා.^_^

      Delete
  3. හප්පා කවදාවත් කතාකරල ඉවරකරල සමතයකට එන්න පුලුවන් මාතෘකාවක්ද මේක. කොහොමත් ලංකාව වගේ සංස්කෘතික මූලධර්මවාදියෝ ඉන්න රටක ප්‍රේම කිරීමත් කුඩුගහනවා වගේ වැරැද්දක්නෙ.

    ReplyDelete
    Replies
    1. අනිවා මචං අපි ලවු කරන්න ඕනි වෙන එවුවන්ට ඕනි විදියට.අනික සමහරක් හිතාගෙන ඉන්නේ නිකං අර චිත්‍රපටි වල තියන විදියට ලවු කරන්න.මට එපා වෙලා තියෙන්නේ බං

      Delete
  4. හම්මෙ ලව ගැන කතා කරන එකත් දැන් නම් වැඩක් නෑ , ප්‍රේමති ජායති සොකෝලු ,එ කාලේ කිව්වෙ මං නම් කෙල්ලට නැමෙන්නෙ නෑ යකෝ තොපි වගේ කියිලා දැන් බඩ ගානවා .විලි ලැජ්ජාත් නෑ ඕයි බැන්දාම කොමට ඇතිද ඔය ලව ...හිතන කොටත් ඩ්‍රැකියුලා ෆිල්ම් එකක් වගේ පොඩි කාලේ බයෙ ගැහි ගැහි බලපු ...

    ReplyDelete
    Replies
    1. ඇයි බං සහෝ මං මේ ලඟදි මූනු පොතේ දැක්කා.කෙල්ලෙක් එක්ක අර්ගිව් කරන එකත් නිකන් සොෆ්ට් වෙයාර් ඇග්‍රීමන්ට්software licence agreement එක කියවනවා වගේ කියලා.අන්තිමට අපි ඔක්කොම ignore කරලා i agree ඔබනවා.

      Delete
  5. ලවු ගැන මිනිස්සු දකින හිතන විදිහෙන් ඇති වැඩක් නෑ.. තමන්ට ආදරේ දැනෙනවනම් එච්චරයි..

    ReplyDelete
    Replies
    1. නමුත් මචෝ රටේ ලෝකෙ වෙන දේවල් දිහා බැලුවම මේක ගැන කතා නොකරත් බෑනෙ.

      Delete
  6. ආදරය කියා දෙයක් ලොව නොපවතී ඇත්තේ ගනු දෙනු පමණි. ඒ ඒ තාල අනුව දෙන සංඛේතයක් පමණි ආදරේ යනු. වර්ගයා බෝ කරන්න සොබාදහම දුන් දායාදයට විවිධ අරථ දීම අනික.

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තුතියි නලින් අයියා.හැබැයි පොඩි ගැටලුවක් තියනවා.ඔය ලවු කරද්දි මොකක් හරි පොඩි අව්ලක් ගියාම නැත්තම් බූට් එකක් කෑවම පපුව අස්සෙන් නිකං හීනියට රිදෙන්නෙ ඒක මොකක්ද. මං මෙච්චර කල් හිතං හිටියෙ ඕක වෙන්නෙ ඔය ලව් කියල දෙයක් තියන නිසා කියලා.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. අපිත් ආවලු මේ පැත්තේ...

    ReplyDelete